Wednesday, September 4, 2013

දෑස වසන්නට හිත දෙන්නෑ මට
ඔබව දකින්නට පතන නිසා..
රිදෙන තරම් හිත දරන්න බෑ මට
ඔබ හිමි දැන් මට නොවන නිසා....
පෙරලෙසින්ම දැන් පතන්න බෑ මට
හිඳින්න මා ගාවින්ම කියා..
සමුගන්නම් මා කියන්න ඈ හට
මා ඔබ හට ආදරෙයි කියා..
සිහින කවුළු හැර බලන්න බෑ මට
දුක හිමි මට විතරක්ම නිසා..
මතක කදුලු නෑ හෙලන්නමා හට
තනියට ඔබ ගාවින්ම කියා..

No comments:

Post a Comment